ව්‍යාජ PCR වාර්තා සකස් කළ ස්ථානයක් වටලයි
ව්‍යාජ ලෙස PCR වාර්තා සකස්කර මුදලට අලෙවි කළ පුද්ගලයින් තිදෙනෙකු කොච්චිකඩේ, පෝරතොට ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී ව්‍යාජ ලෙස සකස් කරන ලද PCR වාර්තා 17ක්, පරිගණක යන්ත්‍රයක්, ජංගම දුරකථන 05ක් සහ පෙන් ඩ්‍රයිව් 02ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් විදේශගතවන පුද්ගලයන් සඳහා මෙම ව්‍යාජ PCR වාර්තා මුදලට අලෙවි කර ඇති බවයි පොලීසය සඳහන් කළේ.
සැකකරුවන් වයස අවුරුදු 21 හා 31 අතර පසුවන කොච්චිකඩේ සහ රත්දොළුවගම පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.
වැඩිදුර විමර්ශන සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ භාණ්ඩ රත්දොළුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

