බංග්ලාදේශයේ නෞකාවක ගින්නකින් 32ක් මරුට
බංග්ලාදේශයේ මගී ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තිබේ.
යාත්‍රාව අනතුරට ලක්වන විට එහි පුද්ගලයින් 500 දෙනෙකු පමණ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහි සිටි පුද්ගලයින් 100 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මහල් තුනකින් යුත් ඔබ්ජාන් නැමැති මගී ප්‍රවාහන යාත්‍රාවේ ගින්න පළමුව එන්ජිමේ කාමරය තුළ ඇතිවන්නට ඇතැයි සැක පළ කෙරේ.
අනතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

