දේශීය

රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් රියදුරු පුහුණුව සමත් වූ දිනයේම බලපත්‍රය ලබාදීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ එදිනම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයේ දී අක්‍රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබීමත් සමගයි.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ අනුරාධපුර කාර්යාලයේ සිදු වූ මෙවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට පැමිණිලි කිහිපයක් ලැබීමත් සමග එම ක්‍රියාවලිය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.

ලිඛිත පරීක්ෂණය සමත් වී ප්‍රායෝගික පරීක්ෂණය සමත් වන සීමිත පිරිසකට රුපියල් 500ක මුදලක් ගෙවීමෙන් රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ අවස්ථාව මීට පෙර ලබා දී තිබුණි.

කෙසේ වෙතත් ප්‍රායෝගික පරීක්ෂණය සමත් වූ දිනයේම රියදුරු බලපත්‍රය නොලැබුණ ද තාවකාලික බලපත්‍රයක් හිමිවන අතර එය උපයෝගී කරගනිමින් රථවාහන ධාවනයට අවසර හිමි වේ.

මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් කලින් වේලාවන් වෙන්කරවා ගත් පුද්ගලයන් හට එක්දින සේවාවන් සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *