දේශීය

තිරුක්කෝවිල් වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 4 දක්වා ඉහළට

තිරුක්කෝවිල් පොලිසියට අනියුක්ත පොලිස් සැරයන්වරයෙකු සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ කල්මුණේ අෂ්රෆ් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයෙකි.

ඒ අනුව තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ ඊයේ (24) රාත්‍රීයේ සිදු වූ එම වෙඩි ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරින් සංඛ්‍යාව 04 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

වෙඩි වැදිම හේතුවෙන් තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර තිබූ අතර පසුව එම සැරයන්වරයා ඇතිමලේ පොලිස් ස්ථානයට භාරවී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *