බංග්ලාදේශයේදී ශී‍්‍ර ලංකා කාන්තා වොලිබෝල් පිලට විශිෂ්ට ජයක්
බංග්ලාදේශයේ ඩකා අගනුවර දී ක්‍රියාත්මක මධ්‍යම ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ දෙවැනි තරගයේ දී කිරිගිස්තාන කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් විය.
ඒ තරග වට 3-0ක් ලෙසිනි.
අදාළ තරගයේ දී පළමු තරග වටය 25-15ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි වටය 25-14ක් ලෙස ගැනීමට සමත් විය.
අනතුරුව ක්‍රියාත්මක වූ තීරණාත්මක තෙවැනි තරග වටය 25-13ක් ලෙස ජයගනිමින් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.
මධ්‍යම ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය පෙරේදා (23) සිට ලබන 28 වැනි දා දක්වා ක්‍රියාත්මක වේ. එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පිරිමි කණ්ඩායම මාලදිවයින, නේපාලය, කිර්ගිස්තානය, උස්බෙකිස්තානය සහ බංග්ලාදේශය සමගින් තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමහභාගි වූ පළමු තරගයේ දී නේපාලය හමුවේ තරග වට 2-3ක් ලෙස පරාජයට පත්විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

