දේශීය

ගෑස් නැව් 02ක් දිවයිනට

ලිට්රෝ ගෑස් සහිත තවත් නෞකාවක් ලබන සතියේ දී දිවයිනට ළඟ වීමට නියමිතය.

එසේම ජනවාරි 10 වන දින පමණ වනවිට ලාෆ් ගෑස් සහිත නෞකාවක් ද දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ වනවිට මෙරටට පැමිණි ගෑස් නෞකා 03ක් නියමිත ප්‍රමිතීන්ට අනුකූලවීම හේතුවෙන් මුදා හැරීමට කටයුතු කර ඇති අතර ලිට්‍රො ගෑස් නෞකා 02ක් සහ ලාෆ් ගෑස් නෞකාවක් ඒ අතර වනවා.

කෙසේ වෙතත් මෙම මස අවසන් වන තුරු මෙරටට අවශ්‍ය ගෑස් පවතින බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.

එසේම අවශ්‍ය තරම් ගෑස් ලබා දීමේ අරමුණින් නුවරඑළිය ප්‍රදේශයට ප්‍රමාණවත් ගෑස් තොග සැපයීමට ද කටයුතු කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *