දේශීය

අද වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අද (24) හිමිදිරියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මල්තුහින තත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම කාලවල දී තරමක ශීත කාලගුණ තත්වයක් අපේක්ෂා කරනු ලබයි.

බස්නාහිර සබරගමුව, මධ්‍යම උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *