දේශීය

ගුණරත්න වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වූ ගුණරත්න වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 74වන වියේ පසුවුණා.

ගුණරත්න වීරකෝන් මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ප්‍රදේශයේ මල් ශාලාවක තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (26) සිදු කිරීමට නියමිතය.

කරන්දෙණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ ගුණරත්න විරකෝන් මහතා 1994 වසරේ දී දකුණු පළාත් සභාවට තේරීපත් වුණා.

2004 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය ධූරය ඇතුලු අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර කිහිපයක් හොබවා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *