දේශීය

තිරුක්කෝවිල් පොලිසියේ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

තිරුක්කෝවිල් පොලිසියට අනියුක්ත පොලිස් සැරයන්වරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් එම පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් තිදෙකෙු මිය ගොස් තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිරුක්කෝවිල් පොලිසියේ ස්ථානාධිපති සහ නිලධාරියෙකු කල්මුණේ අෂ්රෆ් රෝහලට ඇතුලත් කර ඇති අතර සෙසු නිලධාරියාගේ තත්ත්වය බරපතළ බැවින් මේ වනවිටත් හෙතෙම ප්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේ බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් අයෙකු ප්‍රතිකාර සඳහා අක්කරෙපත්තුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ පොලිස් සැරයන්වරයා වෙඩි තැබීම සඳහා භාවිතා කළ ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ පතොරොම් ගැබ් 19ක් සමග ඔහු ඇතිමලේ පොලිස් ස්ථානය වෙත භාර වී ඇත.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඊයේ රාත්‍රී 10.00ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශන සඳහා ඔහු පොතුවිල් පොලීසිය වෙත භාර දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *