සාකච්ඡා අසාර්ථකයි, ස්ථානාධිපති වර්ජනය තවදුරටත්
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
දුම්රිය සංඥා පද්ධතිය අලුත්වැඩියා නොකිරීම, අබලන් මැදිරි ධාවනයට එක් කර මගී ජීවිත අනතුරේ හෙළීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන්නේ පසුගිය 23 වැනි දා සිටයි.
ඒ අනුව සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හා පාර්සල් භාර ගැනීමේ කටයුතුවලින් තවදුරටත් ඉවත්වන බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

