ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වෙයි
ඔස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත පළමු මරණය වාර්තා වී තිබේ.
බටහිර සිඩ්නි හි වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 80 හැවිරිදි වියේ පසු වු පිරිමි පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයාට කොවිඩ් වෛරසය ආසාදිත වී දින කිහිපයකට පසුව ඔහුට වැළදී ඇත්තේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය බවට හඳුනාගෙන තිබුණි.
මියගිය පුද්ගලයා කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කළ අයෙකු බව ද විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

