දේශීය

ගුවන් යානයක් හදිසියේ ගොඩබායි – සිව්දෙනෙකු රෝහලට

මගී ප්‍රවාහන සැහැල්ලු ගුවන් යානයක් හදිසි ගොඩබැස්සවීමකට යාමේදී සිදු වූ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු රෝහල් ගතකර තිබේ.

මීට ටික වේලාවකට පෙර යානයේ ඇති වූ කාර්මික දෝෂයන් හේතුවෙන් එය කටාන කිඹුලපිටිය ප්‍රදේශයට ගොඩබැස්සීමට නියමුවා පියවර ගෙන ඇති බව ගුවන් තොටුපළ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කළේය.

එහිදී සිදුවූ අනතුරින් නියමුවා සහ නියමුවරිය මෙන්ම කාන්තාවක් ද තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

එම පුද්ගලික ගුවන් යානය සංචාරක යුවළක් රැගෙන රත්මලානේ සිට සීගිරිය බලා ගොස් නැවත කොග්ගල ප්‍රදේශයට පියාසර කරමින් සිටිය දී ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.

තුවාල ලැබු සිව්දෙනාම මේ වන විට මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මීට දින කිහිපයකට පෙර ද පයාගල වෙරළ තීරණයට සැහැල්ලු ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට පියවර ගනු ලැබීය.

පොලීසිය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *