තවත් පැය කිහිපයක් යනතුරු කොළඹට වතුර නැහැ
කොළඹ, කෝට්ටේ, ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ (26) රාත්‍රී බිඳ වැටුණු ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි ට්‍රාන්ස්ෆෝමර් දෙකක හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ රාත්‍රි 9.00ට පමණ ජල සැපයුම අඩාල වූ බවයි එහි සහකාර සාමාන්‍යාධිකාරී අනුරුද්ධ පෙරේරා මහතා සඳහන් කළේ.
ඒ අනුව කොළඹ, කෝට්ටේ කඩුවෙල සහ දෙහිවල, ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ජල සැපයුම බිඳ වැටී තිබේ.
අනුරුද්ධ පෙරේරා මහතා සඳහන් කළේ අඩු ධාරිතාවක් යටතේ මේ වනවිටත් ප්‍රදේශ කිහිපයකට ජලය ලබාදෙන බවයි.
කෙසේ වෙතත් අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට තවත් පැය කිහිපයක් ගතවනු ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

