නවදිල්ලියට අද සිට රාත්‍රී ඇඳිරි නීතිය
ඉන්දියාවේ නවදිල්ලි නුවරට අද (27) සිට රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට නවදිල්ලි නගර බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව අද රාත්‍රී 11.00 සිට පසු දා අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ගතවූ පැය 24ක කාලය තුළ නවදිල්ලි නුවරින් වාර්තා වී ඇති ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 290ක් වන අතර එය පෙර දිනයට සාපේක්ෂව16%ක වැඩි වීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
නවදිල්ලි නුවර ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය 0.5% කින් ඉහළ ගොස් ඇති අතර එය බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
නවදිල්ලි නුවර ආශ්‍රිත ප්‍රදේශවලට අවදානම් තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත්තේ එම බරපතළ තත්ත්වය හේතුවෙනි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

