එළිමහන් සංගීත සංදර්ශණ සඳහා යළි අවසර
එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල රාත්‍රී 10 දක්වාත්, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 දක්වාත් එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිවනු ඇත.
කෙසේ වෙතත් එලෙස පැවැත්වෙන එළිමහන් සංගීත සංදර්ශන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්විය යුතුයි.
එහි වගකීම සංගීත සංදර්ශණ සංවිධායකයින් වෙත පවරා ඇති අතර අවශ්‍ය අවස්ථාවන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ උපදෙස් ද ලබා ගත යුතුයි. පොලිස්පති නිල කාර්යාලය පැවසුවේ සංගීත සංදර්ශණ පැවැත්වීම සඳහා ශබ්ද විකාශණ බලපත්‍ර නිකුත් කිරීමට ද අවසර ලබා දී ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

