ප්‍රංශය සීමා දැඩි කරයි
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශය තුළ දැඩි සීමාවන් ප්‍රකාශයට පත්කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනවාරි මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමාවන් පනවා ඇති බවයි.
ඒ අනුව දුරස්ථව වැඩ කිරීම අනිවාර්යය කර ඇති අතර මහජන රැස්වීම් සඳහා ද සීමාවන් පැනවීමට පියවර ගෙන තිබේ.
පසුගිය සෙනසුරාදා දිනයේ ප්‍රංශයේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගිය අතර එය එරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව විය.
කෙසේ වෙතත් රට තුළ ඇදිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

