හෙට සිට බස් ගාස්තු ඉහළට
බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද (28) ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයාට භාරදීමට සැලසුම් කර තිබේ.
ඉන්ධන මිල වැඩිවීම ඇතුළු කරුණු කිහිපයක් සලකා බලා මෙම වාර්තාව සකස් කළ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කළේ.
මේ යටතේ අවම බස් ගාස්තුව ද වැඩි කිරීමට නිර්දේශ කර ඇති බව ඔහු පැවසීය.
මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ මෙම වාර්තාව පදනම් කර ගනිමින් හෙට (29) සිට බස් ගාස්තු වැඩි කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

