අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය බල රහිත කෙරේ
අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.
එහි ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම පනත් කෙටුම්පත පිළිබඳ සිවිල් සංවිධාන හා උනන්දුවක් දක්වන විවිධ පාර්ශව පසුගිය කාලය තුළ කළ කරුණු දැක්වීම් සලකා බලා මේ පියවර ගත් බවයි.
මෙවැනි නීතියක් සම්පාදනය කිරීමේ දී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශන අයිතිය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව එමගින් ඔවුන් පෙන්වා දී තිබේ.
මේ පිළිබඳ සිවිල් සංවිධාන, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අපරාධ නීති ප්‍රතිසංස්කරණ අනු කමිටුව හා උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසුව සංශෝධිත කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලය වෙත නැවත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අලි සබ්රි මහතා උපදෙස් දුන් බව අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
එම නීතිය ගෙනඒමට උනන්දු වූයේ බාලවයස්කරුවන්ගේ සුබ සිද්ධිය හා හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් නීති සකස් කිරීමට මිස භාෂණයේ නිදහසට බාධා කිරීමට නොවන බව ද අධිකරණ අමාත්‍යංශය වැඩි දුරටත් පෙන්වා දෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

