දේශීය

උසස් පෙළ නැවත සමික්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ (29) රාත්‍රියේ අදාළ ප්‍රතිඵළ නිකුත් කළ බවයි.

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා සිසුන් 48,810 දෙනෙකු  අයදුම්කර තිබු බව සඳහන් වේ.

ඒ අනුව නැවත සමීක්ෂණ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

ප්‍රතිඵල සම්බන්ධ යම් ගැටලුවක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ 0112 784 537, 0112 784 208, 0113 188 350 හෝ 0113 140 314 යන දුරකථන අංකවලට ඇමතීමෙන් දැනුම්දිය හැකි වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *