දේශීය

කොවිඩ් සුනාමියක් ගැන WHO අනතුරු අඟවයි

ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද එක්වී සුනාමියක් ලෙස පැතිර යමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් පැවසුවේ ඇමරිකාව, යුරෝපය ඇතුළු රටවල් රැසක කොවිඩ් ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යාම හමුවේයි.

ගතවූ පැය 24 ක කාලය තුළ යුරෝපයේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

එම සංඛ්‍යාව දැක්වුණේ දෙලක්ෂ 8,000ක් ලෙසයි.

ජෝන්ස් හොප්කින්ස් වෙබ් අඩවියට අනුව ගත වූ සතියේ ඇමරිකාවෙන් දෛනික ආසාදිතයින් දෙලක්ෂ 65,427ක සාමාන්‍යයක් වාර්තා වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, ඩෙන්මාර්කය, පෘතුගාලය, බ්‍රිතාන්‍ය හා ඔස්ට්‍රේලියාව යන රටවලින් ද මේ වන විට දෛනික වාර්තාගත කොවිඩ් ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *