Latestදේශීය

කිරිපිටි මිල යළිත් ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කර තිබේ.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150කින් ද ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් ද ඉහළ දමා ඇත.

නව මිල ගණන් අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,345ක් වන අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 540ක් වනු ඇත.

මෙම සංශෝධිත මිල ගණන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *