දේශීය

ජනවාරි 03දා සිට සියලුම රාජ්‍ය සේවකයන් සේවයට

ලබන 03 වැනිදා සිට සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.

එහි ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ ඒ සම්බන්ධ චක්‍රලේඛයක් අද (30) නිකුත් කරන බවයි.

කොවිඩ් ව්‍යාප්තියත් සමග පසුගිය කාලයේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ දී ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සිදුකිරීමට අවසර ලබා දී තිබුණි.

අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රකාරව ලබන 03 වැනිදා සිට රාජ්‍ය සේවය පූර්ණ ධාරිතාවකින් පවත්වා ගෙන යන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *