Latestදේශීය

බැරිනම් ආන්ඩුවෙන් යන්න – නාමල්

කැබිනට් මන්ඩලය සාමූහිකව ගන්නා තීරණවලට විරුද්ධ නම් කළ යුතුව ඇත්තේ ආන්ඩුවෙන් ඉවත් වීම බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ආන්ඩුව ගනු ලබන තීරණ සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් ඇත්නම් තමන් සිදු කරන්නේ ආන්ඩුවෙන් ඉවත් වී විවේචනය කිරීම බවත් කිසියම් අමාත්‍යවරයෙකුට ආන්ඩුව ගනු ලබන තීරණ සම්බන්ධයෙන් විරෝධයක් ඇත්නම් ඔහු කළ යුතුව ඇත්තේ ද ආන්ඩුවෙන් ඉවත් වී විවේචනය කිරීම බවත් පවසන අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලය ගනු ලබන තීරණ සඳහා සියලු දෙනාම සාමූහිකව වගකීමෙන් බැදෙන බව සඳහන් කරනවා.

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ආන්ඩුවේම අමාත්‍යවරු විවේචනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ අදහස් ඵල කළා.

මේ අතර පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සඳහන් කළේ කැබිනට් මණ්ඩලයේ සාමූහිකව ගන්නා තීරණ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන්නේ නම්  කැබිනට් ඇමති ධුරයෙන් ඉවත් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම වඩාත් සුදුසු බවයි.

ජනාධිපති නිල නිවසේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙනුවෙන් පැවති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා මේ අදහස් ඵල කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *