දේශීය

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දමයි

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ජනවාරි 3 වන දා සිට වසා දමන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, විදේශ විනිමය අර්බූදය හේතුවෙන් බොරතෙල් මිලදී ගැනීමේ දුෂ්කරතා මත එලෙස වසා දමන ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් ජනවාරි 30 වැනි දා සිට යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාව දිගු කාලීන බොරතෙල් සැපයීම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇති සිංගප්පූරු සමාගමෙන් බොරතෙල් සැපයීම ආරම්භ වන්නේ ජනවාරි 26 වන දා සිටයි.

බොරතෙල් මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී සපුගස්කන්ද පිරිපහදුවේ භාවිතා වන මර්බන් වර්ග‌යේ බොරතෙල් මිලදී ගැනීමේ දී දින 90ට පෙර අදාළ සමාගමට දැනුම් දිය යුතු බවත්, හදිසි මිලදී ගැනීම් ලෙස විකල්ප බොරතෙල් මිලදී ගැනීම ද විදේශ විනිමය හිඟය නිසා ව්‍යර්ථ වී ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් ය.

එහි  වැඩි දුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටී ඇති හෙයින් ණය පදනමින් බොරතෙල් මිලදී ගැනීම ද දුෂ්කර වී ඇති බවයි.

කෙසේ වෙතත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් රටේ පෙට්ට්‍රල් අවශ්‍යතාවෙන් 14 % සහ ඩීසල් 29 %ක් පමණක් සපයන බැවින් තාවකාලිකව තෙල් පිරිපහදුව වසා දැමීමෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යංශය අදාළ නිවේදනය මගින් සහතික වී සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *