අද සහ හෙට රටපුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවලක්
අද (31) දින කොළඹ නගරය ඇතුළුව බස්නාහිර පළාත ආශ්‍රිතව පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
ගාලුමුවදොර ප්‍රදේශයේ විශේෂ ස්ථානයක රථගාල් සකස්කර ඇති අතර රාත්‍රිය පුරා රථවාහන පොලිස් නිලධාරීන් රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.
ඒ අනුව බීමතින්, මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ මාර්ගයේ අධික වේගයෙන් ගමන්කරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.
එසේම මහජනතාවට හිරිහැර වන අයුරින් හැසිරෙන පුද්ගලයන් සෙවීම සඳහා කොළඹ නගරයේ ස්ථාන රැසක බුද්ධි නිලධාරීන් අනුයුක්ත කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.
එසේම ස්ථීර සහ විටින් විට විශේෂ මාර්ග බාධක යෙදීමට ද කටයුතු යොදා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

