දේශීය

මිරිහානේ කිරිපිටි කඩය සීල් කළේ නෑ – පොලීසය

මිරිහාන ජුබිලි කණුවේ පිහිටි කිරිපිටි වෙළදසැළකට පොලිසිය කඩාපැන එය සීල් තබා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොට්ඨාශය සඳහන් කරන්නේ පොලිසිය අපකීර්තියට පත් කිරිමේ අරමුණින් මෙවැනි ප්‍රචාර සිදුකරන බවට නිරික්ෂණය වී ඇති බවයි.

පැල්වත්ත කිරිපිටි සමාගමේ නිෂ්පාදන මිලදි ගැනීමට මහජනතාව දිගු පෝලිම්වල රැඳී සිටීමට හේතුව කුමක් ද යන්න සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට උපදෙස් ලබා දී ඇති බව පොලිසිය පවසයි.

මේ පිළිබඳ සිදුකළ සොයා බැලීමකදි අනාවරණය වී ඇත්තේ මිරිහාන ජුබිලි කණුවේ පිහිටි අලෙවි මධ්‍යස්ථානයේ කිරිපිටි නිකුත් කිරිම සඳහා එක් කවුළුවක් පමණක් යොදා ගැනීම හේතුවෙන් දිගු පොලීම් නිර්මාණය වී ඇති බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අදාළ සමාගමට දැනුම් දී ඇති අතර ඒ අනුව අද (31) සිට අලෙවි ස්ථාන තවදුරටත් වැඩිකරමින් කිරිපිටි මහජනතාවට ලබාදීමට පියවර ගන්නා බවට පැල්වත්ත සමාගම එකඟවී ඇත.

ශ්‍රි ලංකා පොලිසිය සඳහන් කළේ අනවසරයෙන් පැමිණ කිරිපිටි අලෙවි ස්ථාන සීල් තැබීමට කටයුතු කරන බවට සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *