දේශීය

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දෙවන වරටත් අද (03) දිනයේ සිට යළි වසා දැමීමට තීරණය කර තිබේ.

රටේ උද්ගතව පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ බොරතෙල් මිලදී ගැනීමට පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස තෙල් පිරිපහදුව වසා දැමෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ නොවැම්බර් මස 15 වන දා තෙල් පිරිපහදුව වසා දැමීමෙන් පසු දින 22කට පසුව එය යළි ආරම්භ කෙරුණි.

කෙසේ වෙතත් සපුගස්කන්ද පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් සිංගප්පූරුවේ සැපයුම්කරුවෙකුගෙන් ණය පහසුකම් මත මෙට්‍රික් ටොන් 90,000ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේය.

ඔහු Jවැඩි දුරටත් සඳහන් කළේ ලබන 23 හෝ 24 දෙදින තුළ එම බොරතෙල් තොගය මෙරටට ලැබීමට නියමිත බවයි.

ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 26 වැනි දා නැවත විවෘත කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය වැඩි දුරටත් ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *