ෆැන්ටසිය මුණගැසෙන තෙක් නොනවතිමු…
ශිවන්යා කවුද කියන්න මම දන්නේ නැහැ. ඒ ලංකාවේ ටීවී චැනල් දැන් අවුරුදු පහක් හයක් තිස්සේ බලන්නේ නැති නිසා. මම හිතන්නේ ඔය ටෙලි සීරිස් එකක ඉන්න ඉන්දියන් කෙල්ලක් වෙන්න ඕනි.

හැබැයි ලංකාවේ පොඩි කෙල්ලෝ තුන් දෙනෙක් ඔය ශිවන්යා කියන මරාලේ බලන්න මූදු හතක් තරණය කරන්න හදපු එක පිලිබඳව ගත්තම මම ඉන්නේ ඒ කෙල්ලෝ තුන් දෙනාගේ පැත්තේ. ප්ලාන්ට් කරපු නිව්ස් එකක් නෙවෙයි නම් ඒ නිව්ස් එකේ පොඩි පන්ච් ගතියක් තියනවා විභූෂණ ගත්ත නිව්ස් එකකට, ඇක්සිඩන්ට් නිව්ස්, කිරිපිටි නිව්ස්, ගෑස් පුපුරණ නිව්ස් එකකට වඩා.

එහෙම වෙන්නේ ඒ කෙල්ලෝ තුන්දෙනා තමන්ගේ ෆැන්ටසි එකක් මුණ ගැසෙන්න, ඒ වෙතට යන්න, නිර්භීත ලෙස ගමන් ආරම්භ කරන නිසා.
අපිට අනුව ඒ ෆැන්ටසි එක අවුල් ඇති. නමුත් ඒ ෆැන්ටසි එක ඒ පොඩි උන් තුළ හැදුවේ අපේ තුට්ටු දෙකේ පිරිමි මාධ්‍ය. ඒක උන්ගේ වරදක් නෙවෙයි. ලංකාවේ පිරිමියාගේ ෆැන්ටසි එක එච්චර පුංචි වෙන එක උන්ගේ වරදක් නෙවෙයි. පොඩි හරි ඒක තමයි උන් හඹා යන්න හැදුවේ. ඒක යථාර්තය එක්ක පටලා ගන්න එපා…
උන්ට නාසා එකෙනුත් එහාට යන්න කියල දෙනවා වෙනුවට අපි උන් තුළ පැල කරලා තියෙන්නේ ඉන්දියාවට යන්න. ඒකත් දැන් මේ තියන සරුව පිත්තල ඉන්දියාව. උන් දන්නේ එච්චරයි.

ලංකාවේ උමතු පිරිමි ටිකක් ලංකාව කියල රටක් මේ ලෝක ගෝලේ ඇතුලේ තිබ්බා කියන එක පහුගිය අවුරුදු හැත්තෑව ඇතුලේ ලෝක සිතියමෙන් මකල දැම්මට පස්සේ මොකක්ද අපිට තියන උත්කෘෂ්ට ෆැන්ටසි එක? මුකුත් නැහැ…

එහෙම එකේ මේ කෙල්ලෝ උන්ගේ ආකාරයකට උන්ගේ ලෝකේ ඇතුලේ තියන ආශාවක් වෙනුවෙන් ගමන් ආරම්භ කරන එක ගැන මම පොසිටිව්…

තොපි මකබෑවියල්ලා…අපි යනවා….පෝක් සමුද්‍ර සන්ධියෙන් එහාට. නැත්නම් එතැනිනුන් එහාට.

යථාවක් කියන්නේ සංකේතනයට සම්පුර්ණයෙන් බාධා පමුණුවන එකට.
The real is what resists symbolization absolutely.
(මේ ඒ දරුවන් ගැන සටහනක් නොව ගමන් ආරම්භ කිරීම පිළිබද රූපකයක් පමණි).
මහේෂ් හපුගොඩ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

