දෙහිවල මුහුදේ කිඹුල් ප්‍රහාරයක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට
කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් දෙහිවල මුහුදු තීරයේ දී කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මසුන් ඇල්ලීමේ නිරතව සිටි කිමිදුම්කරුවෙකු බවට තොරතුරු වාර්තා වේ.
කිඹුලාගේ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
දේහය මේ වනවිට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලාන දුම්රිය නිවාසවල පදිංචි 58 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

