දේශීය

බිත්තර හා කුකුළු මස් මිල පහළට

පසුගිය උත්සව සමයේ දී ශීඝ්‍රයෙන් මිල ඉහල ගිය බිත්තර හා කුකුළු මස් මිල මේ වනවිට පහත බැස තිබේ.

රුපියල් 750ක්ව පැවති කුකුළු මස් කිලෝවක් රුපියල් 700ත් 690ත් අතර මිලකට මේ වනවිට අලෙවි වන බවයි කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළේ.

ඒ අනුව කුකුළු මස් මිල රුපියල් 50ත් 60ත් අතර අගයකින් අඩු වී තිබේ.

මේ අතර බිත්තරයක මිල ද රුපියල් 3කින් අඩු වී ඇති අතර රුපියල් 26ක්ව පැවති බිත්තරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 23කට බවයි වාර්තා වන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *