Latestදේශීය

2022 අගමැති මහින්ද ද? බැසිල් ද?

වත්මන් ආණ්ඩුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පත් කිරීමට අදලා ප්‍රචාරක ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අද (03) ඩේලිමිරර් පුවත්පත වර්තා කරනවා.

කැබිනට් සංශෝධනයක් සමගින් වසර ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු වල වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට නියමිත බව ද එම පුවත්පතේ වැඩි දුරටත් සදහන් වනවා.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වන බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

මාධ්‍ය හරහා දින කිහිපයක් පුරා දියත්වන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නැති බව එම නිවේදනයේ සඳහන් වනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ ජනතාව නොමඟ යවමින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *