දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඌව පළාතෙත් මඩකළපුව, අම්පාර, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.
එමෙන්ම කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි. 40 පමණ තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

