දුමින්ද නාගමුව අත්අඩංගුවට
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් මෙන්ම කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා මීට සුළු මොහොතකට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජ්‍ය – අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු වැටුප් වැඩිකර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් සම්බන්ධයෙන් අද (04) සවස 2.00ට බොරැල්ල, කොටා පාරේ එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අවසන්ව පිටව යන අතරතුරදී පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කඩුවෙල පොලිසිය විසින් ඔහු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව මාධ්‍ය වාර්ථා කරනවා.
සිසුජන ව්‍යාපාරයේ විරෝධතාවක දී නීතියේ කන්‍යාව දැක්වෙන කාටුනයක් භාවිත කිරීම හේතුවෙන් අධිකරණයට අපහාස වන අන්දමින් කටයුතු කර ඇති බවට කරුණු දක්වමින් කඩුවෙල පොලිසිය කළ ඉල්ලීමකට අනුව දුමින්ද නාගමුව ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

