ත්‍රීරෝද රථයෙන් ගෙදර ගිය ඇමති සුසිල්
රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව සිය අමාත්‍යාංශයෙන් පිටත පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ත්‍රීරෝද රථයකින් නිවස බලා පිටව ගියේය.
තමා සතුව තිබු සියලු වාහන හා භාණ්ඩ අමාත්‍යාංශයට භාරදුන් බවත් උසාවියට ගොස් නැවත වාහනයක් ලබාගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
“දැන් මං වාහන ඔක්කෝම භාරදීලා තියෙන්නේ. බඩු භාරදීලා තියෙන්නේ. දැන් මං ත්‍රීවිල් එකෙන් තමා යන්නේ. හැබැයි උසාවි ගිහින් වාහනයක් ගන්නවා. උසාවි ගිහින් ටික දවසක් යද්දි වාහනයක් ගත හැකියි. හොරකම් කරලා ගන්න ඒවා නෙමෙයි නේ. අපි උසාවි ගිහින් වෘත්තියේ යෙදිලා ගන්නවා. සුබ අනාගතයක්”
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

