දේශීය

අවුරුදු 12-15 අතර ළමුන්ගේ එන්නත්කරණය සිකුරාදා ඇරඹේ

වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන් එන්නත්කරණය එළැඹෙන සිකුරාදා (07) වැනි දා ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙයට පෙර වයස අවුරුදු 15-19 අතර ළමුන් සඳහා වන එන්නත්කරණය සිදු කෙරුණි.

එයට අමතරව වයස අවුරුදු 12-15 දක්වා විවිධ සංකූලතා සහිත ළමුන් සඳහා එන්නත්කරණය ද මෙයට පෙර සිදු කල අතර 30,000ක පමණ ළමුන් පිරිසක් ඒ තුල එන්නත්කරණයට ලක් කර තිබේ.

වයස අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත්කරණයේ දී එක් එන්නතක් පමණක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර ඇත.

එමෙන්ම පාසැල් ළමුන්ගේ එන්නත්කරණයට සමගාමීව මෙතෙක් බූස්ටර් එන්නත නොගත් පාසැල් ගුරුවරුන්ට ද එම ස්ථානයන්හිදී එන්නත් ලබාගැනීමේ හැකියාව ඇතැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ පාසල් ළමුන් ප්‍රවාහනයේ නියැළෙන්නෙන් ඇතුළු පිරිස් සඳහා ද මෙයට සමගාමීව බූස්ටර් එන්නත ලබාගැනීමේ හැකියාව ඇති බවත් ඒ තුළ කොවිඩ් ව්‍යසනයේ දී දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට උපරිම පියවර ගැනෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *