Latestදේශීය

ජනතා තීරණ වලට මුහුණ දෙන්න බලාගෙන ඉන්න – සුසිල් ප්‍රේමජයන්ත

ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කළ විට ඇමැතිකම් අහිමි වුණාට දුකක් නැහැ යනුවෙන් ඊයේ (04) රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලද සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

රජයේ වැරදි ප‍්‍රතිපත්ති සහ තීන්දු තීරණ පෙන්වාදෙන අයට කිසිවක් නොවිමසා දඬුවම් දෙනවා නම් එවැනි දේ කරන අයට දෙන තීන්දුව ජනතාව ඉදිරියේ තීරණය කරාවි යැයි ඔහු සඳහන් කළා.

ගුරු ගැටලූ, පොහොර, ගෑස්, පොහොර නැව්, සහල් මේ හැම අර්බුදයකටම හේතුවුණේ ආණ්ඩුව වැරදි පාරේ ගමන් කිරීම බව සඳහන් කළ ප්‍රේමජයන්ත මහතා ඒ සෑම දෙයකින්ම පීඩාවට පත්වුණේ මේ රටේ අහිංසක ජනතාව බව ද පවසා සිටියා.

‘’අපි මැතිවරණ ජයග‍්‍රහණයේදී ගෝඨාභය රාජපක්‍ෂ හා මහින්ද රාජපක්‍ෂ දෙපළ වෙනුවෙන් කැපවුණා. 2000 දී චන්ද්‍රිකා ආණ්ඩුවේ පළමුවෙන්ම මට ලැබුණේ අධ්‍යාපන ඇමැති පදවියයි. මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ මැතිවරණ 11ක අප කටයුතු කළා. එතුමාගේ නාමයෝජනා 3කට අත්සන් කළේ මමයි. ඒ විතරක් නොවෙයි, මහින්ද ජනාධිපතිතුමාගේ රජයේ ඉතා වැදගත් ඇමැති පදවිවල කටයුතු කෙරුවා.’’ යනුවෙන් ද ප්‍රේමජයන්ත මහතා සඳහන් කරනවා.

එමෙන්ම අමාත්‍ යධූරයෙන් ඉවත් කිරීම තම ඉදිරි දේශපාලන ජීවිතයට ආශිර්වාදයක් බව ද ප්‍රේමජයන්ත මහතා වැඩි දුරටත් පවසනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලද සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ගෙවුණු පැය 24තුළ මාධ්‍ය වෙත ඉදිරිපත් කළ අදහස් සමගින් වත්මන් රජයේ ඉදිරි ගමනට සැලකිය යුතු ගැටලු ගණනාවක් නිර්මාණය වී ඇතැයි දේශපාලන විචාරකයින් මත ඵල කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *