දේශීය

පාසල් කටයුතු ලබන සඳුදා සිට යථාතත්ත්වයට

ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි සියලු සිසුන්ට පාසල් වෙත පැමිණීම සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ සියලුම සිසුන් එකවර පාසල් වෙත පැමිණීමට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බවයි.

රට පුරා පැතිර ගිය කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවන් මෙතෙක් පාසැල් පැවැත්වුණේ කොවිඩ් 19 නව සාමාන්‍යකරණය යටතේ ය.

ඒ අනුව පන්ති කාමරවල පහසුකම් ලබාදිය යුතු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් සීමාවන් පැන වී තිබුණි.

මේ හේතුවෙන් සිසු දරු දැරියන් විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන බොහෝ පාසල් පවත්වනු ලැබුවේ කණ්ඩායම් ක්‍රමයටයි.

නව තත්ත්වයන් යටතේ ලබන සඳුදා සිට එම සියලු සීමාවන් අහෝසි වනු ඇත.

කෙසේ වෙතත් කොවිඩ් 19 සඳහා වන මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වන මුහුණු ආවරන පැළදීම, නිරන්තරයෙන් දෑත් පිරිසිදු කර ගැනීම, දුරස්ථභාවය රඳවා ගැනීම ආදී කරුණුවලට තවදුරටත් දැඩිව අනුගත විය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *