දේශීය

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් මරුට

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (05) දින මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කල්මුනේ පදිංචි කරුවෙකු වන මොහොමඩ් කලීම් නැමැති 42 හැවිරිදි සැකකරුවෙකි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුව ඉකුත් නොවැම්බර් මස 23 වැනි දා බන්ධනාගාර රෝහලට ද පසුව දෙසැම්බර් 5වැනි දා කොළඹ ජාතික රෝහලට ද ඇතුළත් කර ඇති අතර නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටිය දී මියගොස් තිබේ.

මොහුගේ මරණය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *