කොළඹට පැය 16ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ රැසකට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අඹතලේ ජල පවිත්‍රාගාරයට විදුලි සැපයීමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන සෙනසුරාදා (08) උදෑසන 8.00 සිට එදිනම මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
ඊට අමතරව මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට මෙන්ම රත්මලානට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

