රනිල් කථානායකගෙන් කළ විශේෂ ඉල්ලීම
එළඹෙන 18 වන දා පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ කිරීමෙන් පසු ජනාධිපතිවරයා සිදුකරන මූලාසන කතාව පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පවත්වන ලෙස එක්සත් ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම සිදු කර තිබුණි.
එම ලිපියේ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම විවාදය ජනවාරි 19, 20 හෝ 21 යන දිනවල දී පැවැත්විය හැකි බවයි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කටයුතු වාර අවසාන කිරීමට පසුගිය දෙසැම්බර් 13 වන දා තීරණය කළ අතර ජනවාරි 18 වන දා පාර්ලිමේන්තුවේ මීළඟ වාරය නැවත ආරම්භ කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

