දේශීය

වගා හානි සඳහා වන්දි ගෙවනවා – කෘෂිකර්ම ඇමති

මේ වසරේ සිදුව ඇති වගා හානි සඳහා වන්දි ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ වගා හානි සඳහා වන්දි ගෙවීමට ද කෘෂි රක්ෂණ මණ්ඩලය සූදානමින් සිටින බවයි.

ඉකුත් වසරේ ද වගා හානි සඳහා රුපියල් මිලියන 5,000ක් ගෙවා ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේ දී වී කිලෝවක් රුපියල් 75ක් බැගින් මිලදී ගැනීමට කටයුතු සම්පාදනය කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කාබනික පොහොර යොදාගෙන වී ගොවිතැන් කළ ගොවීන්ට සහනයක් ලබාදීම වෙනුවෙන් මෙවර මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 25ක් වැඩිපුර ගෙවීමට රජය තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *