ඔමික්‍රෝන් සුළු කොට තකන්න එපා – WHO අනතුරු අඟවයි
ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය සුළු කොට තැකිය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් සඳහන් කරන්නේ නව ප්‍රභේදය ආසාදනය වන වාර්තාගත පුද්ගලයින් සංඛ්‍යාව අනුව සහ එය ඉතා වේගයෙන් ලොව රටවල් රැසක ව්‍යාප්තවෙමින් පවතින බැවින් මිට පෙර දරුණු ප්‍රභේදයක් වූ ඩෙල්ටා ප්‍රභේදය සම්පුර්ණයෙන්ම යටපත් කරමින් ඉදිරියට එමින් තිබෙන බවයි.
ඔමික්‍රෝන් ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තියත් සමග බොහෝ රටවල රෝහල්වල ධාරිතාවය ඉක්මවා යමින් තිබෙන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කරනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ඉකුත් සතියේ ගෝලීයව කොවිඩ් ආසාදිතයින් මිලියන 9.5ක් වාර්තා වී ඇති අතර එය ඊට පෙර සතියට සාපේක්ෂව සීයයට 71කින් ඉහළ ගොස් ඇත.
ඩෙල්ටා ප්‍රභේදය හා සසඳන විට ඕමික්‍රෝන් ප්‍රභේදයේ දරුණු භාවය අවම බවක් පෙනුනත් එය සුළු බලපෑමක් ඇතිවන බව සැළකීම අනතුරුදායක බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ආදනම් වැඩි දුරටත් පැවසුවේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

