දේශීය

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම අවලංගු කරන්නැයි පෙත්සමක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය සමාගමකට ලබා දීමට ඇති කරගත් ගිවිසුමට අදාළ කැබිනට් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ජාතික භික්ෂු පෙරමුණේ ලේකම්, පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් මෙම පෙත්සම ගොනු කළේ නීතිඥ සුනිල් වටගල මහතා මගිනි.

වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්, බලශක්ති අමාත්‍යවරයා , විගණකාධිපතිවරයා ඇතුළු 47 දෙනෙකු නම් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *