දේශීය

දුම්රිය හරස් මාර්ගයක කොටසක් හදිසියේ වසයි

හෙට (08) උදෑසන 08:00 සිට ඉරිදා උදෑසන 08:00 දක්වා මීගමුව – පුත්තලම දුම්රිය මාර්ගය හරහා වැටී ඇති මාර්ග කොටසක රථ වාහන ධාවනය සම්පූර්ණයෙන් අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය සේවය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කුරණ දුම්රිය ස්ථානය අතර පිහිටි සැතපුම් 21යි දම්වැල් 31 දුම්රිය හරස් මාර්ගය ඉදිකිරීමේ කටයුත්තක් හේතුවෙන් වසා දැමෙන බවයි.

අදාළ හරස් මාර්ගය භාවිතා කරන්නන්හට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *