මහජන බැංකුව පොහොර නැවට ඩො. මිලියන 6.9ක් ගෙවයි
අහිතකර බැක්ටිරියා ඇතැයි මෙරට විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද චීන පොහොර නෞකාව අයත් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් අද (07) ගෙවීමට මහජන බැංකුව තීරණය කර තිබේ.
කෙසේ වෙතත් මීට පෙර කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ මෙම ප්‍රමිතියෙන් තොර පොහොර නැව සඳහා කිසිදු මුදලක් ගෙවන්නේ නැති බවයි.
මහජන බැංකුව සඳහන් කළේ කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරිම හේතුවෙන් අදාළ නෞකාව අයත් සමගමට එම මුදල ගෙවීමට තීරණය කළ බවයි.
පොහොර නෞකාව මෙරටට භාර නොගත්ත ද ප්‍රමිතියෙන් යුත් පොහොර නැවත ලබාදෙන බවට දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණි බව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව මහජන බැංකුව හරහා අදාළ සමාගමට මුදල් ගෙවීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

