විධායක ජනාධිපති ධූරය නිසා පත්වෙන්නේ පිස්සෝ නැත්නම් පිස්සු ආර්යාවෝ – කුමාර් වෙල්ගම
තමන් හොද ශ්‍රී ලංකා කාරයෙක් බවත්, මැරෙන්නේ ද ශ්‍රී ලංකා කාරයෙක් ලෙස බවත්, මැරුණාට පසු පෙට්ටිය උඩින් දැමිය යුත්තේ ද නිල්පාට කොඩිය බවත් කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්නට අවස්ථාව නොලැබුනු බැවින් සමගි ජන බලවේගය හරහා මැතිවරණයට ඉදිරිපත් වූ බවත් පාර්ලිමේන්තු යන්න අවශ්‍ය නිසා පමණක් සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ නමුත් දැන් තමන් සමගි ජන බලවේගයේ නැති බවත් කුමාර් වෙල්ගම මහතා වැඩිදුරටත් පවසනවා.
එස් ඩබ්ලියු ආර් ඩී බන්ඩාරණායක මහතාගේ ගුණ සමරුවට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙල්ගම මහතා මෙම අදහස් ඵල කළා.
වත්මන් දේශපාලන තත්වය තුළ රාජපක්ෂලා ෆේල් බවත්, ආයෙත් කිසිම දිනක රාජපක්ෂලාට බලයට පැමිණීමට නොහැකි බවත් මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව තුළ ආදරයක් තිබුනු නමුත් දැන් ජනතාව මහින්ද මහතාට ද බනින බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන කතා කිරීමට දෙයක් නැති බවත් ගෝඨාභය මහතාට රටක් පාලනය කරන්න තියා ප්‍රාදේශීය සභාවක් වත් පාලනය කරන්න බැරි බවත් මෙහිදී වෙල්ගම මහතා වැඩිදුරටත් පැවසුවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා 19 සංශෝධනය ගෙනැවිත් බලතල අඩුකළ නමුත් 20 වන සංශෝධනයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 20ට පක්ෂව ඡන්දය දුන් බවත් පවසන වෙල්ගම මහතා මේ ජනාධිපති ධූරය තුළ එක්කෝ පිස්සෝ බලයට පත්වනවා නැතිනම් පිස්සු ආර්යාවෝ බලයට පත්වනවා යයි පැවසුවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

