දේශීය

චීන විදේශ ඇමති අද දිවයිනට

චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (08) මෙරටට පැමිණිමට නියමිතය.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා අද සහ හෙට (09) මෙරට සංචාරයක නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද ඊට සමගාමීව සිදුවෙන බව සඳහන් වේ.

මේ අතර ශ්‍රී ලංකා සංචාරයේ දී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කරනු ඇති බවට ද වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *