දේශීය

මාලදිවයින මුහුදේදී අනතුරට ලක්වූ ධීවරයින් බේරා ගැනේ

මාලදිවයින ආසන්න මුහුදු තීරයේ දී ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අනතුරට ලක්ව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 05 දෙනෙකු වෙළෙඳ නෞකාවක් මගින් බේරාගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ යාත්‍රාවේ ධීවරයින් 06 දෙනෙකු සිට ඇති අතර එක් අයෙකු අතුරුදන්ව ඇති බවයි.

බේරාගත් ධීවරයින් අද (08) පස්වරුවේ ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී අදාළ වෙළෙඳ නෞකාවෙන් නාවික හමුදාව වෙත භාරදීමට නියමිතව තිබේ.

”අසේල පුතා” නැමැති මෙම ධීවර යාත්‍රාව බේරුවලින් මුහුදු ගොස් තිබේ.

යාත්‍රාව සමග සන්නිවේදන සබඳතා බිඳවැටුණු බවට යාත්‍රාවේ හිමිකරු පසුගිය 05 වැනි දා බේරුවල පොලීසිය වෙත පැමිණිලි කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් මාලදිවයින් හා මුම්බායි නාවික බලධාරින් වෙත දැනුම් දී තිබූ බවයි නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *