අවුන්සාන් සුකීට වසර 04ක සිර දඬුවමක්
මියන්මාරයේ හමුදා අධිකරණයක් විසින් බලයෙන් පහකළ නායිකා අවුන් සාන් සුකීව වසර 4කට සිරගත කර ඇතැයි වාර්තා වේ.
ඇයට එරෙහිව චෝදනා රාශියක් ගොනුකර තිබූ අතර අනවසරයෙන් “ගමන් කථනයක්” තමා සතුව තබා ගැනීම ඉන් එක චෝදනාවකි.
එරට ආනයන අපනයන නීති උල්ලංඝනය කරමින්, එම උපකරණ තමා සතුව තබාගෙන සිටි බවට ද ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
එම චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් වසර දෙකක සිර දඬුවමක් ද ලබාදිය යුතු බවට නියෝග කර තිබුණි.
එම දඬුවම් ද්විත්වයම එකවර ගෙවීයන පරිදි නියෝගය නිකුත්කර තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

