ජන ජීවිතයට බාධා නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන්න – ජනපති
ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.
විදුලි කප්පාදුවක් පිළිබඳව පැන නැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ගල් අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේ දී පැන නැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව නිලධාරීන් එහිදී පෙන්වා දී ඇත.
රටේ ඇති ගල් අඟුරු සංචිත විදුලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කර ගැනීමට ප්‍රමාණවත් බවත් ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යෑමෙන් වැළකිය හැකි බවත් එම නිලධාරීන් වැඩි දුරටත් සඳහන් කර ඇත.
පවතින තත්ත්වය කළමනාකරණය කරගනිමින් ජන ජීවිතය පවත්වා ගෙන යාමට සියලු පියවර ගෙන ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරුන් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

